ලබන 23 දා රනිල් දිවුරුම් දෙයි…

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම සඳහා රනිල්ගෙ නම අද මැතිවරණ කොමිසමට යවලා...

ranil-wickremesinghe

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම සඳහා යවා ඇති බව මැතිවරණ කොමිසම අද  (16) සනාථ කළේය.

කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මාධ්‍යයට පැවසුවේ රනිල් වික්‍රමසිංහගේ නම වහාම ගැසට් කරන බවය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බන්ඩාරා මාධ්‍යයට පැවසුවේ  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද (16) මැතිවරණ කොමිසමට භාර දුන් බවය.

රනිල් වික්‍රමසිංහ  2021 ජුනි 23 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

Exit mobile version