කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කළේය.
එමෙන්ම කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (01) රාත්‍රී 10.00න් පසු හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
සමාජශාලා ඇතුළු හෝටල්වල ප්‍රිය සම්භාෂණ තහනම ඉදිරි සති දෙක දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.