දෛනික ස්වයංක්‍රීය මිල සංශෝධන ක්‍රමයක් හඳුන්වා දීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සහ සංස්ථාවේ නිලධාරීන් අතර අද අමාත්‍යාංශයේ පැවති සාච්ඡාවකදී ය.
A meeting with the CPC dealers association & CPC took place at the Ministry of Power & Energy. Discussed issues to related dealer margins, distribution of fuel, future developments, new fuel stations to be established.
Briefed the dealers on the plans of CPC to automate all… pic.twitter.com/7KINMoPTmB
— Kanchana Wijesekera (@kanchana_wij) September 13, 2023
සංස්ථාව තුළ කොටස් ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙම රැස්වීමේ දී ප්රමුඛ අවධානයක් යොමු වී ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී පවසා ඇත්තේ තොග ලබා ගැනීමේ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම සහ විධිමත් කිරීම සඳහා නව විධි නියමයන් හඳුන්වා දෙන බවය.
මෙම වැඩිදියුණු කිරීම් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මෙන්ම එහි පාරිභෝගිකයන්ට ද ඉහළ ප්රතිලාභ ලබා දෙමින් වඩාත් නිවැරදි හා කාර්යක්ෂම තොග කළමනාකරණයක් සිදුකිරීම අරමුණු කර ගෙන ඇත.
අලෙවි නියෝජිත ආන්තිකය, ඉන්ධන බෙදා හැරීම, ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමේ සැලසුම් ඇතුළු මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡා කර තිබේ.