ලක්ෂ 05ට “ටොසී“ වික්ක සජබේ පරනිදරන් පොලිස් ඇප මත නිදහස්… නියම මිල වගේ 4 ගුණයක්..

ටොසී නමින් වහරේ එන Tocilizumab නැමැති ඖෂධය රුපියල් එක් ලක්ෂ විසි පන්දහක මිලකට රැගෙනවිත් රුපියල්  ලක්ෂ පහකට අලෙවි කරමින් සිටිය දී පොලිස් බුද්ධි අංශය සහ ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පසුගිය  මහ මැතිවරණයේ දී තරග වැදුණු  මුරුගේසු පරනිදරන් (46)  නැමැත්තා පොලිස් ඇප මත නිදහස් වූ බව ඖෂධ නියාමන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධය හමුවන්නේ බොරැල්ල සහසපුර නිවාස සංකීර්ණයේ නිවසක  ශිතකරණයක තිබිය දීය.

ප්‍රශ්න කිරීමේ දී   ඖෂධය රුපියල් ලක්ෂ පහකට අලෙවි කළ බවත් තමන්  නීත්‍යානුකූලව මෙම ඖෂධය ලංකාවට ගෙන්වා ගත් බවත් මුරුගේසු පරනිදරන්  ප්‍රකාශ  කර තිබේ.


ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ටොසී ඖෂධය සොයමින් සිටි මිත්‍රයෙකුට එය ලබා දුන් බවත් මිලක් නියම නොකර කැමති මිලක් දෙන ලෙස කී විට ඔහුට ලක්ෂ පහක්   දුන් බවත්ය.

පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්  මෙම පුද්ගලයා ඖෂධ ඉහළ මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව උපාය දූතයින් යොදවා ලක්ෂ පහකට ඖෂධය මිල දී ගැනීමට ගොස් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.  අනතුරුව පොලිසිය විසින් මෙම තැනැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නිදහස් කර තිබේ.

මෙම පුද්ගලයා ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයට තර්ජනය කර ගොස් ඇත්තේ ඔහු නීත්‍යානුකූලව ගෙන්වූ මෙම ඖෂධය අවශ්‍ය අයට අලෙවි කළේ මිලක් නියම කර නොමැතිව බැවින් උසාවි ගොස් වන්දි මුදලක් අය කරගන්නා බවය.

ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ වෛද්‍යවරයෙක් නිර්දේශ කළහොත් අත්‍යාවශ්‍ය ඖෂධයක් රෝගියෙක් සඳහා ගෙන්විය හැකි බවය.

වර්ෂ 1984 දී සොයාගත් රුමටොයිඩ් ආතරයිටීස් සඳහා භාවිත කළ   මෙම ඖෂධය කොවිඩ් නිවුමෝනියාවට  ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ වර්ෂ 2020 ජූනි මාසයේ දී ය.

විශේෂඥ දැනුම සහිත වෘත්තිකයින් පවසන්නේ මෙම ඖෂධය ලබා දිය හැක්කේ අතිශය පාලිත තත්ව යටතේ නියමිත කාලය පරාසය හඳුනාගෙන ඒ සඳහා ලබා දිය යුතු මාත්‍රාව පිළිබඳ විශේෂඥ ඇගයීමකින් පමණක් බවත්ය.

දැඩි සත්කාර ඒකකයන් භාරව සිටින විශේෂඥ නිර්වින්දක වෛද්‍යවරුන් පවසන්නේ මෙම ඖෂධය සෑම රෝගියෙකුටම ලබා දිය  හැකි විශ්ව කර්ම ඖෂධයක් නොවන  බවත් අවශ්‍ය රෝගීන් සඳහා  ලබා දීමට හැකි  තරම් ඖෂධ දැඩි සත්කාර ඒකක සතුව තිබෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා මාධ්‍ය මගින් ඇති කළ අනවශ්‍ය ප්‍රචාරය නිසා මෙවැනි කළු කඩ කරුවන් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේය.

 

Exit mobile version