බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා බැංකු මූලස්ථානය විකිණීමේ සූදානමක් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ කොටුවේ ඇති ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත් එවැනි එවැනි සැලසුමක් රජය සතුවේ නම් ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි එවැනි තීරණයක් ගැනීමට බලපා ඇති හේතු කවරේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අද පෙරවරුවේ ප්‍රශ්න ඇසීමේ වාරයේ දී ස්ථාවර නියෝග 27- 2 යටතේ ප්‍රශ්නයක් අසමින් පසුගිය කාලයේ ලංකා බැංකුව විසින් ඩී.එස් ගුණසේකර පෞද්ගලික සමාගමට සිගරට් මිල දී ගැනීමට ලබා දුන් රුපියල් බිලියන 3.14ක ණය මුදල පිළිබඳව ද දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළේය.
එහිදී ඔහු විසින් අසන ලද සම්පූර්ණ ප්‍රශ්නය මෙසේය.

රටක මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීමට බැංකු පද්ධතිය මගින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. රජය විසින් වරින් වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ බැංකු පද්ධතියේ පැවැත්මට සෘජු බලපෑම් එල්ල කරන අතර, එය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරනු ලබනවා. වර්තමාන රජය විසින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය සහ, බැංකු පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් සිටින බව පෙනී යනවා. මහජන මුදලින් ගොඩනැංවුණු රාජ්‍ය බැංකු පද්ධතිය උපයෝගී කරගනිමින් රජයේ පාර්ශ්වයේ හිතවාදීන් සහ ගජමිතුරන් සඳහා අසාධාරණ සහ, පිළිගත නොහැකි ආකාරයේ මූල්‍ය සහන සලසා ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා වන මෑතකාලීනම උදාහරණය වන්නේ, ඩී. එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකු ශාඛාවක් මගින් සිගරට් තොග රැස්කිරීම සඳහා රුපියල් බිලියන 3.145 ක ණය මුදලක් අනුමත කිරීමයි. 2021 වර්ෂය සඳහා වූ අයවැය මගින් සිගරට් මිල වැඩි වේ යැයි යන බලාපොරොත්තුව මත එම වැඩිවන මිලෙහි වාසිය ලබා ගෙන ලාභ ඉපයීමට මෙම ණය මුදල ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ගරු කථානායකතුමනි,

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එපමණකින් නොනැවතී රාජ්‍ය බැංකු පද්ධතිය කෙරෙහි තවදුරටත් අතපොවමින්, මෙවැනි අවිධිමත් ණය ලබාදීම් ඇතුළු අයථා ගනුදෙනු වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන නිළධාරීන් පදනමකින් තොරව විටින් විට ස්ථාන මාරුකිරීම් සිදු කරමින් සහ, රජයේ අභිමතයන් අනුව කටයුතු කිරීමට හැකිවන ලෙස බැංකු ක්ෂේත්‍රයේ විධායක කළමනාකාරීත්වයේ පත්කිරීම් සිදු කරන බවට ද චෝදනා රැසක් ගොනු වී තිබෙනවා.

මෙම තත්ත්වය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරන ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලිකිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

1. ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුව මගින් ඇපකර ණය (Pledge loan) ලබා දීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති මොනවාද? මෙලෙස සිගරට් තොග රැස්කර පසුව ලාභ ලබා ගැනීමේ අරමුණින් ණය ලබා දීම ලංකා බැංකුවේ ප්‍රතිපත්ති වලට එකඟද? එසේනොවේ නම්, මෙවැනි ණය මුදලක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදුන්නේ කවුරුන් විසින් ද? එය කිසියම් අදිසි හස්තයක හෝ දේශපාලනික බලපෑමක් මත සිදු කරන ලද්දක් ද? නොඑසේනම්, මෙවැනි ණය මුදලක් ලබාදීමට බලපෑ හේතු සාධක කවරේද? ණය මුදල අනුමත කිරීමෙන් බැංකුවට හෝ රටේ ආර්ථිකයට ලැබෙන වාසිය කුමක්ද? මෙවැන්නක් සිදු කිරීම තුලින් බැංකුවේ මූල්‍ය ස්ථායීතාවයට දැඩි බලපෑමක් ඇති කරන බව රජය පිළිගන්නේ ද? නොඑසේනම් ඒ මන්ද?

2. මෙම අයථා ණය ගනුදෙනුවේ දී රුපියල් බිලියන 3.15ක ණයක් ලංකා බැංකු ශාඛාවක් විසින් අනුමත කර තිබෙනවා. ලංකා බැංකු එක් ශාඛාවකට ණය ලබා දිය හැකි උපරිම සීමාව කොපමණද? මෙවැනි දැවැන්ත ණය මුදලක් එක් ව්‍යාපාරිකයෙකුට ලබා දීම මගින් එම ශාඛාවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අනෙකුත් පුද්ගලයන්ට යම් අසාධාරණයක් සිදු වන බව රජය නොසිතන්නේ ද? මෙම දැවැන්ත ණය මුදල ලබා දුන් මාතර කටුවාන ශාඛාවට තවදුරටත් ලබාදිය හැකි ණය ප්‍රමාණය කොපමණද? එසේ උපරිම සීමාව ඉක්මවා ණය ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කවරේද? මෙම ණය ඉල්ලුම් කිරීමේ සිට ණය මුදල නිදහස් කිරීම දක්වා බැංකුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙල සහිත වාර්තා සභාගත කිරීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

3. වාණිජ බැංකු මගින් ණය පහසුකම් ලබා දීමේ දී ඇපකර (collateral) තබා ගන්නා අතර, එම ඇපකර නිදහස් කිරීමේ දී යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබනවා. ලංකා බැංකුව මගින් ණය පහසුකම් ලබා දීමේදී, ඇපයට තබාගත් දේපල, බැංකුව විසින් අනුගමනය කරනු ලබන නියමිත ක්‍රමවේදයට පරිබාහිරව පසුගිය කාලය තුළ නිදහස් කර තිබේ ද? පසුගිය මාස 3 කාලපරිච්ඡේදය තුළ බැංකුව මගින් නිදහස් කරන ලද දේපල සහ අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොඑසේනම් ඒ මන්ද?

4. ලංකා බැංකුවේ මහා කළමනාකරු පත්කිරීමේ දී සුදුසුම පුද්ගලයන් නොසලකා හැර තිබෙනවා. එමෙන්ම හිටපු මහ කළමනාකරුට විශාල මුදලක් අවිධිමත් ලෙස ලබා දී විශ්‍රාම ගන්වා තිබෙනවා. එසේම පසුගිය වසර තුළ රජයේ අත්තනෝමතික තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව විධායක කළමනාකාරීත්වයේ නිළධාරීන් වරින් වර ස්ථාන මාරුවීම් සිදු කර ඇතිබව රජය පිළිගන්නේ ද? ලංකා බැංකුව විසින් අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? මෙවැනි පදනමකින් තොරව ස්ථානමාරුවීම් සිදු කිරීම බැංකුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු මෙන්ම, බැංකුවේ කාර්ය සාධනය සඳහා ද බාධා ඇති කරන බව රජය පිළිගන්නේ ද? එසේනම් මෙවැනි ක්‍රියා තුළින් බැංකු පද්ධතිය අඩපණ වීමේ වගකීම රජය විසින් භාරගනු ලබන්නේ ද? නොඑසේනම්, මෙම කරුණු පිළිබඳ විමර්ශනයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

5. මාස දෙකකට පෙර ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් කෙටි කාලීන ශ්‍රේණිගත කිරීම සහ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ඇතුළු ශ්‍රේණිගත කිරීම් රැසකින් ලංකා බැංකුව පහත හෙලා තිබෙනවා (Downgrade the ratings). මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව downgrade වීමට හේතුව කුමක් ද? රජය දිගින් දිගටම රාජ්‍ය බැංකුවලට අනිසි ලෙස මැදිහත් වීම මේ සඳහා හේතු වූ බව රජය පිළිගන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

6. ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි සැලසුමක් රජය සතුවේද? එසේනම්, ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? එවැනි තීරණයක් ගැනීමට බලපා ඇති හේතු කවරේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරු 2790ක් ජාතික පාසල්වල ගල් වෙලා…

Next Post

ආණ්ඩු පක්ෂ රැස්විමේදී වාසුට කුණුහරුප – ගම්මන්පිලට හූ හඬ

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.