ලංකාවේ මුල්ම කොවිඩ් කළු දිලීර මරණය වාර්තා වේ…

ලලිත් චාමින්ද – 

ලංකාවේ පලමු වතාවට කොවිඩ්  නිව්මෝනියා හා සම්බන්ධ  කලු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ  මරණය වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර   පවසයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් නිව්මෝනියාව  වැළඳීමෙන් මෙකී පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල්  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය  වෙත සැප්තැම්බර් මස 29 වන දින යොමු කළ බැව්  විශේෂඥ අ ධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි .


මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ (21)දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ  කලු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත්     විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ  දිලීර පිළිබඳ  විශේෂඥ වෛද්‍ය  ත්‍රිමාලි ජයසේකර   විසින් මේම  පරික්ෂණය  සිදු කොට ඇති බවද   අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරයි.

මෙරට කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කලු දිලිර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බවද බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය   විසින් සිදු කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පදිංචිකරුවෙකි .

Exit mobile version