ලංකාවට පැමිණි ඇමරිකානු රහස් දූත පිරිස ගැන ගම්මන්පිල තොරතුරු විමසයි!

C-17

රටට හොර රහසේ  පසුගිය පෙබරවාරි 14 වැනිදා  ලංකාවට පැමිණි ආගන්තුක රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කරුණු අටක් ඔස්සේ මෙම දූත පිරිස සම්බන්ධව මන්ත්‍රීවරයා තොරතුරු ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සී 17 ග්ලෝම් මාස්ටර් ගුවන් යානා දෙකකින් ලංකාවට පැමිණියේ කවුද, ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්ෂ විලියම් සී බනේ සිටයා ද?, සිටියානම්  ඔහු ආගමන විගමන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වුනා ද?. එසේ පැමිණි පිරිසගේ ගමන් බලපත්‍රවලට ආගමන විගමන නිලධාරින් විසින් මුද්‍රා තැබුවා ද?. යන කරුණු පිළිබඳ මන්ත්‍රීවරයා සිය ලිපියෙන් විමසා තිබේ.

Exit mobile version