වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන පුනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකා ලැබ මුදාහැරීමට නියමිතව සිටි පුද්ගලයන් 04 දෙනෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ හා වෙනත් උපකරණ තොගයක් සොරකම් කිරීමේ වරදට වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.
මෙම පුද්ගලයන් සිවු දෙනා ප්‍රතිකාර කාල සීමාව නිමා කර පසුගිය 12 වැනිදා රෝහලින් මුදා හැරීමට නියමිතව තිබිණි. ඒ අවස්ථාවේ දී රෝහල් වෛද්‍යවරයා වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ මේ තැනැත්තන් රෝහලේ දේපල ලෙස පැවති විදුලි උපකරණ ඇතුළු උපකරණ තොගයක් සොරකම් කර ඇති බවයි.
අත්අඩංගුවට ගෙන මේ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.