රෝහල් පිරිලා.. නිරෝධායන මධ්‍යස්ථානත් පිරිලා.. රජය පිළිවෙත වෙනස් කරයි…

කොවිඩ ආසාදිතයන්ගෙන් සියලුම කොවිඩ් ප්‍රතිකාර රෝහල් පිරී යෑම හා නිරෝධායන මධ්‍යස්ථාන සියල්ල පූර්ණ  වී ඉඩ කඩ රහිත වීමත් නිසා මෙතෙක් පැවති නිරෝධායන පිළිවෙත වෙනස් කරන්නට රජය තීරණය කර තිබේ.

මේ වනතුරු කොරෝනා වෛරසය අසාදනය වූවන්ගේ මුළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීමේ ක්‍රමවේදය ඒ අනුව වෙනස් කර ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කරන බව රජය නිවේදනය කළේය.

මේ බව ප්‍රකාශයට පත්  කරමින්   කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කීවේ  නිවෙස් තුළ නිරෝධායනයට ලක් කරන වුන් සමාජයට නොගොස් නිවෙස්තුළටම වී නිරෝධායනයට ලක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීලඟ ක්‍රියාමාර්ගය වී ඇත්තේ කොවිඩ් ආසාදිත වූවන් නිරෝධායන මධ්‍යස්ථානවල රැක බලාගෙන ඔවුන් අතරින් රෝගී තත්වය උද්ගත වන පිරිස් පමණක් රෝහල් වෙත යොමු කිරීම බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

Exit mobile version