රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

mahela-jayawardene

ඉන්ධන අර්බුදයෙන් දින 02ක් වයසැති බිළිඳෙකු මියයාමේ සිද්ධිය  පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක  මහේල ජයවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පරිපාලනය  දැඩි දෝෂ දර්ශනයට ලක් කර  තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නියමිත වේලාවට රෝහල් ගත කිරීමට නොහැකි  වූ දින 02ක් වයසැති බිළිඳෙකු මියගොස් ඇති බව දියතලාව රෝහලේ අධිකරණ  වෛද්‍ය ශානක රොෂාන් පතිරණ කළ අනාවරණයත් සමග මෙම ප්‍රකාශය මහෙල් ජයවර්ධන විසින් නිකුත් කරතිබිණි. .

වෛද්‍ය පතිරණ පැවසුවේ දරුවා නියමිත වේලාවට රෝහලට ඇතුළත් කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට පියාට හැකි වූයේ නම් බිළිඳා බේරා ගැනීමට හැකිව තිබූ බවය.

මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ පියෙකු ලෙස තමාට මේ මොහොතේ ඒ දෙමාපියන්ගේ වේදනාව   තේරුම් ගත හැකි බවය.


පියෙකු ලෙස මට වැටහෙන්නේ ඒ දෙමව්පියන්ගේ වේදනාව පමණි.   රටේ ඇතිවූ මේ තත්ත්වයට    ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පාලන අධිකාරිය ඍජුව වගකිව යුතුයි. ඔබ වහාම ඉල්ලා අස්වන්න….   ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මහේල කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version