සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොල්ස්රෝයි කාර් එකට පස්සේ නවීනතම Bell හෙලිකොප්ටරයක් බස්සන්න ඩඩ්ලි සූදානමින්?

by editor
පෙබරවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකවන ඩඩ්ලි සිරිසේන නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට හඳුන්වා දීමට සූදානම් වන බවට කළ ඉඟියක් සමඟ මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රය කෙරෙහි නැවතත් දැඩි අවධානයක් යොමුව තිබේ.

2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට (Singapore Airshow 2026) සහභාගී වෙමින් සිරිසේන ප්‍රකාශ කළේ, නවීන පන්නයේ හෙලිකොප්ටර් යානයක් මෙරටට හඳුන්වා දීමේ සිය දිගුකාලීන සිහිනය නුදුරු අනාගතයේදී සැබෑ කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවය.

ප්‍රදර්ශනය අතරතුර යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. හෙලිකොප්ටර් තාක්ෂණය පිළිබඳව තමන් දැඩි ලෙස අධ්‍යයනය කරන බවත්, වසර ගණනාවක සිට තමන් සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බවත් ඔහු එහිදී පැවසීය.

ආසියාවේ විශාලතම ගුවන් සේවා ඉසව්ව වන මෙය පසුගිය අඟහරුවාදා (03) ආරම්භ වූ අතර, දෙවසරකට වරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ 10 වන අදියර සඳහා සමාගම් 1,000කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. එයාර්බස් (Airbus) සහ බෝයිං (Boeing) වැනි ලොව දැවැන්ත සමාගම් මෙන්ම, එස්.ටී. ඉංජිනියරින් (ST Engineering) වැනි කලාපීය සමාගම් සහ ඇන්ඩුරිල් (Anduril Industries), ෂීල්ඩ් ඒ.අයි (Shield AI) වැනි ඩ්‍රෝන තාක්ෂණය පදනම් කරගත් ආරක්ෂක සමාගම් ද මෙයට සහභාගී විය. සැපයුම් දාමයන්හි පවතින ප්‍රමාදයන් මධ්‍යයේ වුවද, ගුවන් සේවා කර්මාන්තය වේගවත් වර්ධනයක් කරා ගමන් කරන මොහොතක මෙම ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි.

මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දෙන අවස්ථාවේදී බෙල් ටෙක්ස්ට්‍රොන් (Bell Textron Inc.) සමාගමේ නවීනතම හෙලිකොප්ටර් මාදිලියක් සිරිසේනට පසුපසින් ප්‍රදර්ශනය වෙමින් තිබිණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සංචාරක කර්මාන්තයේ පිබිදීමත් සමඟ ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“මම විශාල කැපකිරීම් කරලා මගේ ජීවිතේ හීන ගොඩක් සැබෑ කරගෙන තියෙනවා. මගේ මීළඟ හීනය තමයි මේ මගේ පිටුපසින් පේන්න තියෙන්නේ. නමුත් මම මීටත් වඩා හොඳ, බෙල් (Bell) සමාගමේ අලුත්ම මාදිලියටත් වඩා දියුණු හෙලිකොප්ටර් යානයක් ගැන හීන දකිනවා. ඉතා ඉක්මනින් මම ඒ හීනය සැබෑ කරනවා,” යැයි ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් පැවසීය.(Daily Mirror)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනෝච්චි විද්‍යාලයේ සිසුන් සියයකට වැඩි ප්‍රමාණයක් බඹර ප්‍රහාරයට ලක් වෙයි… 39ක් රෝහල්ගත කරයි… 02ක් සිහි විසඥ වෙලා…

Next Post

අනුෂ පැල්පිට යළිත් රිමාන්ඩ්…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.