ප්‍රථම වරට රූපවාහිනී තිරයක් ඔස්සේ වෙසක් තොරණක්

vesak TV

ඉතිහාසයේ ප්‍රථමවරට රූපවාහිනී තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ, චරණ TV නාලිකාව ඔස්සේ අද (26) සහ හෙට දින රත්‍රී 7.00 සිට ප්‍රදර්ශනය කෙරේ.

පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන “දද්දර ජාතකය“ තේමාකොට ගනිමින් රචිත මෙම වෙසක් තොරණ, රූප රාමු 09කින් සමන්විත ය. සුපුරුදු වෙසක් තොරණ ආකෘතියෙන්ම නිර්මාණය කර ඇති මෙම තොරණේ කතා වස්තුව විරිඳු සහ දෙබස් කථනය ඔස්සේ සවිස්තරාත්මකව සහ විචිත්‍රවත්ව ඉදිරිපත් කරනු ලබයි.

කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් බෞද්ධ ජනතාවට වෙසක් සැමරීම සීමාවී ඇති බැවින්, වෙසක් තොරණ නැරඹීමෙන් ලබන්නාවූ බුද්ධාලම්භන ප්‍රීතිය, චරණ TV වෙසක් තොරණ නැරඹීමෙන් නිවසේ සිටම එලෙසින්ම ලැබෙනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


PEOTV නාලිකා අංක 05, PEOTVGO සහ චරණ TV Facebook පිටුව ඔස්සේ චරණ TV ඉදිරිපත් කරන දද්දර ජාතක කතාවස්තුව රැගත් තොරණ වෙසක් පුන් පොහෝදා රාත්‍රී 7.00 සිට සජීවීව නැරඹිය හැක.

Exit mobile version