රුසියාවට රට ‍අරින හැටි සංචාරක ඇමති ප්‍රසන්න රුසියාවේ දී කියයි…

‘BUY ONE – GET ONE’ පැකේජයක්... එන්නත් දෙකම අරගෙන දින 14කින් පසු නම් රටේ ඕන තැනක් විවෘතයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුසියානු සංචාරකයන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘BUY ONE – GET ONE’ පැකේජයක් හදුන්වා දීමට කටයුතු යොදා ඇති බවත් කොවිඩ් එන්නත් දෙකම ලබාගත් රුසියානු සංචාරකයෙකු දින 14 කින් පසු මෙරටට පැමිණෙන්නේ නම් ගුවන්තොටුපළේ සිදු කෙරෙන පිසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක සංචාරයේ නිරත වීමට හැකියාව ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මේ වනවිට රුසියාවේ සංචාරයක යෙදෙන සංචාරක ඇමතිවරයා මොස්කව් නුවර දී මේ බව ප්‍රකාශ කර තිබිණි.

එන්නත් ලබානොගෙන පැමිණෙන රුසියානු සංචාරකයන්ට පිසිආර් පරික්ෂණයෙන් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් ‘ජෛව බුබුළක්‘ ලෙස සංචාරය කළ හැකි ස්ථාන 22 ක් හඳුන්වා දී ඇති බවත් ඉදිරියේ දි එම ස්ථාන වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය.

එන්නත් නොගෙන පැමිණෙන අය දින 14 කට වඩා කාලයක් මෙරට තුළ රැඳෙන්නේනම් දින 10 කින් සිදු කෙරෙන පීසිආර් පරික්ෂාවකින් පසු ඔවුන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත් දිවයිනේ ඕනෑම තැනක සංචාරය කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙන බව ද ඇමතිවරයා රුසියානු මාධ්‍ය වේදින් හමුවේ කීවේය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර දැනට සෘජු ගුවන් ගමන් සිදුවන්නේ සතියකට එක්වරක් පමණි. රුසියානු ගුවන් බළධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේ දි එය වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. දැනටමත් ඒ සඳහා ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කර ඇත. සැප්තැම්බර් මාසයේ සිට රුසියානු ගුවන් සේවය ද මොස්කව් සිට කොළඹ දක්වා සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

‘BUY ONE – GET ONE’ පැකේජය ඉදිරියේ දී සියලුම සංචාරකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

Exit mobile version