රුවන්වැලි සෑයට ගිය ජනපතිට නාඳුනන භික්ෂුවක් මතක් කළ පොරොන්දුව

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාවේ 72 වැනි සැමරුම නිමිත්තෙන් ඊයේ(10) පැවති විශේෂ උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව අතරතුර තමාට තරුණ භික්ෂුවක් විසින් එදින කළ සිහිකැඳවීමක් පිළිබඳ පැවසීය.

“මම රුවැන්වෑලිසෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,


“ජනතාව මගෙන් බලාපොරොත්තු වුණා දුෂණය නැති කරන්නට. මම හමුදා නිලාධාරින්ව විවිධ දේපාර්තමේන්තුවල ඉහළ තනතුරුවලට මම පත් කෙරුවේ ඒ බලාපොරොත්තුව ඇතිවයි. එය විශාල අභියෝගයක්. නමුත් අපි එය කරන්නට ඕනෑ.

මොන තරාතීරමේ වුණත්‍, ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරින් වේවා, රට වෙනුවෙන් අපි දුෂණය සම්පූර්යෙන්ම ඉවත් කරන්නට ඕනෑ. මම ආදර්ශයක් දී තිබෙනවා. මම කිසිදු ආකරයකින් දුෂණයට යොමු වෙලා නෑ, යොමු වෙන්නෙත් නෑ.

ජනාධිපතිවරයා වශයෙන් මම හැකිතාක් දුරට වියදම් අඩු කරලා තියෙනවා. මම ආදර්ශයක් දී තිබෙනවා. මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශයම ඔවුන්ටත් දෙන්න කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂණය වැළැක්වීමට සහාය දෙන්න. මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ වැඩ කරන්න කියලා. අපි ඉදිරි වසර කීපය තුළ මේ රට “සෞභාග්‍යය” කරා ගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.” යැයි ද එහිදී අවධාරණය කළේය.

Exit mobile version