රිෂාඩ් බදූර්දීන් මාව වෙන ලෝකේක යවන බවට තර්ජනය කළා – බන්ධනාගාර වෛද්‍යවරයාගෙන් පොලිසියට පැමිණිලි

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස රඳවා සිටින රිෂාඩ් බදියුදීන් තමන්ට මරණීය තර්ජනය කළ බවට එම බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරී ප්‍රියංක ඉදුනිල් මහතා විසින් ඊයේ (21) බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් වූ විමර්ශන බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් අද සිට කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරයා සදහන් කර ඇත්තේ 15 වෙනිදා තමන් බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයේ රැදෙමින් ප්‍රතිකාර කරමින් සිටියදී යම් රැඳවියෙක් එකවරම ඇතුළට පැමිණි අවස්ථාවේදී තමා කථා කරන තෙක් එළියේ රැදී සිටින්නැයි කළ දැනුම් දීමට උරණ වී එම රැඳවියා තමාට මරණීය තර්ජනය කළ බවය.


“ තමුසේ දන්නෙ නැද්ද මම මෙතෙනට ආවේ මොනව කරලද කියල මට වුවමනා නම් තමුසෙ වෙන ලෝකෙකට උනනත් යවන්න පුළුවන් ආදී වචන කියමින් ඔහු තමාට ආවේග ශීලීව තර්ජනය කළ බව වෛද්‍යවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සදහන්ය. වැඩිය දැඟළුවොත් තමුසෙයි කාර් එකයි මගදී අලුවෙයි. යනුවෙන් ද පැවූ බවට වෛද්‍යවරයා විසන් පැමණිලි කර ඇති අතර බිරිදට සැමියෙක් මෙන්ම දරුවාට පියෙක් නොමැති වනු ඇතැයි යනුවෙන්ද තර්ජනය කළ බව වෛද්‍යවරයා පැමිණිල්ලෙහි සදහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙසේ තමන්ට තර්ජනය කරන්නේ කවුදැයි ඒ මොහොතේ වෛද්‍යවරයා නොදැන සිටි වත් ඔහු ඒ අවස්ථාවේදී නම කියන තුරු ඒ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් බව නොදැන සිටි බවද වෛද්‍යවරයා පොලීසියට කළ පැමිණිල්ලෙහි දැක්වේ.

Exit mobile version