රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී ගිනි ගැනීමකින් මිය ගිය මෙහෙකාරිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන ලෙස දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් හමුවී ඉල්ලා තිබේ.
මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වේලු කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අය අතර සිට ඇත.
දැරිය ගිනි තබාගෙන සියදිවි හානිකර ගත්තේද ඇයව දූෂණය කළේ කළේ කවුරුන්ද යන කරුණු එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානයට ඒ අය යොමුකර ඇත.