රිෂාඩ්ගේ ආරක්ෂක පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගත්තේ ඔහුට පලා යන්න දුන් නිසා…

හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ආරක්ෂාව සැපයූ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) හවස වැල්ලවත්තේ දී අත්අඩංගුට ගත්තේ සැකකරුවෙක් ලෙස අධිකරණය විසින් නම් කර අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති පුද්ගලයෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අපරාධ නඩු විධි වධාන සංග්‍රයේ 206 වැනි වගන්තිය යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ අද (14) ප්‍රකාශ කළේය.

ඔහු මොන තරාතිරමක පුද්ගලයෙක් වුවත්, රාජකාරිමය වශයෙන් ඔහුට ආරක්ෂාව සැපයීමට පත් කර තිබුණත් පොලිස් නිලධාරියෙක් ලෙස මෙම කොස්තාපල් වරයා වගකීම පැහැර හැර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අධිකරණය විසින් සැක කරුවෙක් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියෝග කර  ඇති පුද්ගලයෙකුට නිදහසේ පලා යෑටම ඉඩ දීමෙන් මෙම නිලධාරියා වරදක් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශවරයා පෙන්වා දුන්නේය.


මේ වනවිට රිෂාඩ් බදියුදීන් ඇතුළු සැක කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 6ක් ක්‍රියාත්මක බවත්,  රිෂාඩ් බදියුදීන්, මොහොමඩ් යාසිම්, අලගරත්නම් මනෝහරන් යන සැක කරුවන් තිදෙනා සෙවීමට මෙම පොලිස් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බවත්, මෙහෙයුම්වල ප්‍රතිඵලයක් විදිහට ගණකාධිකාරී අලගරත්නම් මනෝහරන් අත්අඩංගුවට ගත් බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය මැතිවරණය පැවැත්වුණු නෙවැම්බර් 16 දා බස් රථ දෙසීයක් යොදවාගෙන පුත්තලෙමේ සිට මන්නාරමට ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වු  ප්‍රවාහන වියදම   පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ මුදලින් පියවා ගැනීම සම්බන්ධ චෝදනාවකට උක්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති නියෝග කර තිබිණි.

 

Exit mobile version