රිමාන්ඩ් ඉන්න අයට කොවිඩ් සහන ඇපය ලැබෙන හැටි මෙන්න

Prison

බන්ධනාගාර තුළ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීමට පිළියම් යෙදීම උදෙසා සහ රක්ෂිත බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ අරමුණින් කඩිනමින් ඇප ලබාදිය හැකි තත්වයන් පිළිබඳ නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එහිදී වඩාත් ප්‍රායෝගික සහ සාධනීය පිළියම් පිළිබඳව සලකා බලා නීතිපතිවරයා මෙම උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

ඒ අනුව එලෙස ඇප ලබාදීමට විරෝධය නොදක්වා සිටිය හැකි අවස්ථා ලෙස නීතිපතිවරයා පහත අවස්ථා පිළිබඳ දැනුම් දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව හෙරොයින්හි දළ බර ග්‍රෑම් 2- 4 අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස තුනක කාලය තුළ ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවට අදාල මහේස්ත්‍රාත් අධිකරණ දැනුවත් කළ යුතු බවටත් දෙයාකාරයෙන් එක් ආකාරයට වසර එකක සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වැරදි සම්බන්ධයෙන් වන සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදීම ඔවුන්ට ඇප ලබාදීමට වි දීමට විරුද්ධ විය හැකි සුවිශේෂ අවස්ථානුගත කරුණු නොමැත්තේ නම් ඇප ලබාදීමට විරුද්ධ නොවිය යුතු බවටත් ව්‍යවස්ථානුකූල ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අවස්ථාවේදී වින්දිත දැරියන් අවුරුදු 11 ට අඩු නොවන සහ සැකකරු අවිවාහක සහ හෝ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් මුල් අවස්ථාවේදීම එවැනි සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ නොවන බවටත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

Exit mobile version