රිමාන්ඩ් එකේ ඉඳන් නිරෝධායනය වුණු බදුර්දීන් පාර්ලිමේන්තු ආපු හැටි…

 රිමාන්ඩ් භාරයේ සිට නිරෝධායනය වුණු   පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අද ( 22) පාර්ලිමේන්තුවට ගෙන් වූ අතර සභා ගැබෙහි පසු පෙළ හුදෙකලා කළ අසුනක් ඔහුට වෙන්කර තිබිණි.
මන්ත්‍රීවරයා අද (22) පෙරවරුවේ  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්   බන්ධනාගාර ආරක්ෂාව මැද මීගමුව පල්ලන්චේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට බන්ධනාගාර බස් රථයකින් පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන ආවේය.   
හිස සිට දෙපතුල් දක්වා සම්පූර්ඛයෙන්ම සිරුර ආවරණය වන පරිදි සුදු පැහැති නිරෝධායන ඇඳුමකින් සැරසී සිටි මන්ත්‍රීවරයා විනිවිද පෙනෙන මුහුණු ආවරණයක් පැළඳ සිටියේය.
නිරෝධායනය වන මන්ත්‍රීවරයෙක් නිසා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මන්ත්‍රී පිවිසුම වෙනුවට මහජන පිවිසුමෙන් පාර්ලිමේන්තුවට ඇතුළු විය. පොලිස් නිළධාරියෙකු විසින් ඔහුගේ ශරීර උෂ්ණත්වය මැන බැලුවේය. අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු අනුගමනය කළ යුතු පිළිවෙත් ඇතුළත් උපදෙස් මාළාවක් මන්ත්‍රීවරයා අතට පත්කරන ලදි. ඉන්පසු සභා ගැබට ඔහු ඇතුළත් කර නොගෙන වෙනම කාමරයක රැඳවීය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්ත්‍රීවරයාට වෙනම ආසනයක් වෙන්කර තිබිණි. සාමාන්‍යයෙන් රිෂාඩ් මන්ත්‍රීවරයා අසුන් ගන්නේ පළමු පේළියේ අසුනකය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ඊයේ ඔහුට වෙන් කර තිබුණේ විපක්ෂයේ සිව්වැනි පේළියේ 78 අංක දරණ ආසනයයි.

Exit mobile version