රැහේ රැජින අවසන් ගමන් යයි… වැදි සෙනග සිරිත් රකිමින් අවමංගල පෙරහරට එක් වෙති!

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගෙ බිරිය හීන්මැණිකේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට ස්වල් මොහොතකට පෙර මහියංගන ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ දී සිදු කෙරිනි.

වන්නිලා ඇත්තන් අවසන් ගමනට එක් වෙමින්..

පොලිස් ආරක්ෂාව සහ  ගෞරව පූර්ව ලෙස හීන්මැණිකේ මාතාවගේ දේහය අද පෙරවරු 11.30ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට මහියංගනය බලා රැගෙන ගියේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී වැදි නායක වන්නිලා ඇත්තන් විසින් දේහය භාරගනු ලැබීය. වැදි රැහේ සාම්ප්‍රදායික අවමංගල්‍ය පෙරහරකින් දේහය මහියංගනයේ සිට ආදාහනාගාරය වෙත රැගෙන ගියේය.


ආගමික වතාවත්…

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සහ මේ වනවිට රැහේ බහුතරයක් දෙනා නිරෝධායනය වෙමින් සිටින බැවින් සම්ප්‍රදායික අවමගුල් පෙරහර සඳහා වන්නියලා අත්තන් ඇතුළු සුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අදාහන කටයුතුවලින් අනතුරුව දේහයේ අළු අද වසවස් භාගයේ වන්නිලා ඇත්තන් වෙත බාර දෙනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අළු රැගෙන ගොස් රැහේ පිරිස් සමග රැහේ චාරිත්‍රානුකූල කිරිකොරහා ශාන්තිකර්මය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

Exit mobile version