රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණු ප්‍රමුඛතාව

ලෝකයේ රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් කම්කරුවන්ගේ දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව දීමේදී රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට ප්‍රමුඛතාව දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඒ සදහා වන පිරිවැය, සිය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදෙන් දරන ලෙසටද ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබදව වන සාකච්ඡාවක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර, එහිදී මේ පිළිබදව අවධානය යොමුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, නිදහස් වෙළද කලාප කේන්ද්‍ර කරගෙන, ශ්‍රමිකයින්ගේ ගැටලු විසදීම සදහා අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ජංගම සේවා මාලාවක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version