රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරට එරෙහිව දිගාමඩුල්ලේ මහා සංඝයා ජනතාව සමග උද්ඝෝෂණයක…  

සුසන්ත අමරබන්දු –

මහින්ද චින්තන වැඩසටහන යටතේ  නැවත ආරම්භ කළ හිඟුරාන සීනි සමාගම ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා විසින්  විනාශ කරන්නට උත්සාහ කරන බවත් එම විනාශයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලමින් දිගාමුඩල්ලේ    පන්සියකට අධික මහා සංඝයා වහන්සේ ද දස දහසකට අධික ජනතාවක් ද අද ( 12)   සවස හිඟුරාන නගරයේදී දැවැන්ත  විරෝධතාවයක නිරත වූහ.

දිගාමඩුල්ල සංඝයා වහන්සේලා විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතා ව්‍යාපාරය අද පස්වරු 3.30ට හිඟුරාන නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ දි  ආරම්භ කරනු ලැබිනි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන නාහිමි, උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද හිමි , ඇතුළු  දිගාමඩුල්ල මිටියාවත පුරා  වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා මෙම විරෝධතාවයට  එක්ව   සිටියහ.


මෙම  විරෝධතා ව්‍යාපාරයට  දිගාමඩුල්ල මිටියාවත පුරා  විසිරී සිටින උක් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසින් ද දැඩි උනන්දුවකින්  එත් වී උන්හ.

ගල්ඔය වැවිලි සමාගම රජයට ගන්නා බව ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ  කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි.

මෙම භික්ෂූන් වහන්සේලා සහ ජනතාව ජනාධිපති තුමා ගෙන් සහ අගමැති තුමා ගෙන් ඉල්ලා සිටියේ වසර. 13 වසා දමා තිබුණු මෙම සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම නමින් ආරම්භ කර මේ වන විට නැගෙනහිර ජන ජිවිතය දියුණු කර තිබෙන බවත් එවැනි මොහොතක නැවතත් මෙම කර්මාන්තය රජයට ගැනීමට කටයුතු කළහොත් හිඟුරාන සීනි ආයතන නැවතත් කඩා වැටීමේ දැඩි අවදානමක් ඇති බවත් විරෝධතා කරුවෝ කීහ.

මෙම පිරිස පැයකට ආසන්න කාලයක් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ නිරත වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසානයේ භික්ෂූන් වහන්සේලා කරණිය මෙත්තා සුත්‍රය දේශනා කොට යහපත් දෙයක් කිරීමට නුවණැස පැදේවායි ප්‍රාර්ථනා කරමින් විරෝධතාවය නිමා කළහ.

Exit mobile version