රාජකාරි වෙලාවේදී මත්පැන් සාද දමා නාන්න ගිය ග්‍රාමනිලධාරී දියේ ගිලී මරුට…

දිනසේන රතුගමගේ –

රාජකාරී වේලාවේදී ඔයක් අසල සාදයක් පවත්වා ඔයේ දියනෑමට ගිය  මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු  29 දා දියේ ගිළී අතුරුදහන් වී තිබේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මන්නාරම නානාට්ටන් තෝමස්පූරී ග්‍රාම සේවා වසම බාර නිලධාරිවරයායි.

ඔහු සමග තවත් ග්‍රාම නිලධාරීන්  හතර දෙනෙකු හා වෙනත් පුද්ගලයෙකු  මන්නාරම නානාට්ටන් අරුවි ආරු  ඔය අසල මත්පැන් සාදයක් පවත්වා  අනතුරුව ඔයේ පිහිනමින් සිටි අවස්ථාවේදී ග්‍රාම නිලධාරීන් පස් දෙනාම දියේ ගසා ගෙන ගොස් තිබේ.


සිද්ධියෙන් පසුව නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් මුරුන්කන් පොලීසියේ මැදිහත් වීම මත  දියේ ගිළී සිටි ග්‍රාම නිලධාරීවරු හතර දෙනෙකු බේරාගෙන ඇතත් එක් ග්‍රාම නිලධාරීවරයෙකු දියේ  ගසාගෙන ගොස් තිබේ.

අතුරුදහන් වූ ග්‍රාම නිලධාරීවරයා සෙවීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර මන්නාරම මුරුන්කන් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාදයේ සුන් බුන්…

Exit mobile version