දිනසේන රතුගමගේ
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ සිසුන් විසින් රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතයෙන් තොරව කුඹුරු වගා කළ හැකි ආකාරය පිළිබිඹු කෙරෙන ආදර්ශ වගාවක් හා ඒ සඳහා යොදා ගත හැකි යන්ත්‍රයක් නිපදවා තිබේ.
මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිතවය හා ආදර්ශ වගාව නැරඹීමට කිළිනොච්චිය තිරුවයාරු ප්‍රදේශයට පැමිණි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා විශ්ව විද්‍යාල සිසුන්ගේ එම ක්‍රියාව පැසසුමට ලක් කළේය.
සිසුන් විසින් නිපදවා ඇති යන්ත්‍රය බහු කාර්ය සේවා යන්ත්‍රයක් ලෙස හඳුන්වා ඇති අතර එම යන්ත්‍රය මගින් වල්පැලෑටි ඉවත් කිරීම පළිබෝධ මර්දනය කෘමි සතුන් පලවා හරීම බීජ සිටුවීම ඇතුළු කාර්යයන් රැසක්ම ඉටු කර ගත හැකිය.
එම යන්ත්‍රය උපයෝගී කරගැනීමෙන් හා ගොවියාගේ මහන්සියෙන් රසායනික පොහොර හෝ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයකින් තොරව ඉතා සාර්ථක ලෙස කුඹුරු වගා කළ හැකි බව යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් ඔප්පු කොට පෙන්වා දී තිබේ.