රසායනික පොහොර තහනමට පොහොට්ටුවේ පසුපෙළත් එරෙහි වෙයි

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ රජයේ තීන්දුව සං‍ශෝධනය කරන්නැයයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා ලිපියකට අත්සන් තැබීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගම්වල ගොවීන්ගෙන් අඛණ්ඩව ලැබෙන පැමිණිලි මැසිවිලි හේතුවෙන් තමන්ට ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ජනාධිපති කාර්යාලයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට සූදානම් වන බැවින් මෙම ලිපිය අත්සන් තැබීම තාවකාලිකව අත්හහිටුවා ඇතැයි සඳහන් ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රසායනික පොහොර තහනම අතුරතුර කාබනික පොහොර ආනයනයේ අර්බුදය ද ආාහාර නිෂ්පාදනයය සම්බන්ධයෙන් පවතින ගැටලලුකාරී තත්ත්වය තවත් තීව්‍ර කර ඇති බැවින් කාබනික පොහොර ගැටලුව විස‍‍ඳනෙ තෙක් හෝ මෙම ආනයන තහනම සංශෝධනය කරන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා සිටී.

Exit mobile version