රසායනික පොහොර ගෙන්වීම ගැන කතා කරන්න පසුපෙළ මන්ත්‍රීවරු ජනපති හමුවට!

farmers

රසායනික පොහොර ලබා දෙන ලෙස ජනාධිපති වරයාගෙන් ලිඛිතව ඉල්ලූ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්    ඉදිරි දින දෙක තුළ ජනාධිපතිවරයා සමග  විශේෂ සාකච්ඡාවක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියයි.

මේ වනවිට රට තුළ පොහොර ප්‍රශ්නයත් සමග උද්ගත වී ඇති විරෝධය පිළිබඳවත්, එක්වරම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග ගොවීන් පත් වී ඇති දැඩි දුෂ්කරතාවය පිළිබඳවත් මෙහිදී කතා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවෙන් අනතුරුව යම් සහනයක් ගොවි ජනතාවට ලැබෙනු ඇතැයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විශ්වාස කරයි.


Exit mobile version