රඳවාගෙන ඉන්න රසායනික පොහොර හෙට නිකුත් නොකළොත් අනිද්දා රාජසන්තකයි

හෙට(18) දිනය තුළ පවතින රසායනික පොහොර තොග වහාම වෙළෙඳපොළට මුදා‍ හැරීමට පෞද්ගලික තොග ගබඩාකරුවන් ක්‍රියා නොකළහොත් අනිද්දා(19) දිනයේදී එම තොග රාජසන්තක කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මීට පෙර වතාවක් ද රජය මෙම නියෝගය කර ඇති නමුත් තවමත් රසායනික පොහොර තොග රඳවාගෙන සිටින බවයි.

එබැවින් රට තුළ අනවශ්‍ය පොහොර හිඟයක් මතුව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපිට රසායනිික පොහොර හංගගෙනෙ ඉන්න ගබඩාවලට යන්න සිදුවීම නරක තත්ත්වයක්. අපි එහෙම ගියාම දැක්කා අති විශාල පොහොර තොග රඳවාගෙන ඉන්නවා. රට තුළ කාබනික පොහොර නිෂ්පාදන යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. නමුත් එය සම්පූර්ණ වනතෙක් පවතින පොහොර තොග නිකුත් කළ යුතුයි. වහාම හෙට දිනය තුළ රඳවාගෙන ඉන්න පොහොර නිකුත් කරන්න නැතිනනම් අනිද්දා ඒ රඳවා සිටිනි සියලුම රසායනික පොහොර නිකුත් කරනවා”

Exit mobile version