හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ 2019 පාස්කු ඉරිදා දින සිදු වූ ප්රහාරයෙන් මරණයට පත්වූ සංචාරකයන් දෙදෙනෙකුගේ දෙදෙනකුගේ සහෝදරයාගෙන් සමාව ඉල්ලා තිබේ.
ඇමේලි සහ ඩැනියෙල් ලින්ඩ්සේ යන දෙදෙනා මෙරට සංචාරයක යෙදී සිටියදී ඔවුන්ගේ පියා සමඟ කොළඹ ෂැංග්රිලා හෝටලයේ උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේදී එල්ලවුණ මරාගෙන මැරෙන ත්රස්තවාදී ප්රහාරයෙන් ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා මෙලෙස සමාව ගෙන ඇත්තේ ඩේවිඩ් ලින්ඩ්සේ නමැති ඔවුන්ගේ සොයුරාගෙනි.
පාස්කු ප්රහාරයෙන් මාස කිහිපයකට පසුව මෛත්රීපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ යන මහත්වරුන් සහ ඩේවිඩ් හමුවූ අවස්ථාවක දී තම සොයුරන් දෙදෙනාට සිදුවූ විපත සම්බන්ධයෙන් තමා ගෙන් මෙලෙස සමාව ගත් බව ඩේවිඩ් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.
එහිදී එම පුවත්පත ඔහුගෙන් වැඩිදුරටත් විමසා ඇත්තේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්ට සමාව දීමට ඔබ සූදානම්ද? යනුවෙනි.
එම අවස්ථාවේදී ඩේවිඩ් පවසා ඇත්තේ, “තවම නැහැ. එහෙම කළොත් එය මම කරන පාවාදීමක් වේවි. ඒ නිසා දැනට මම ඔවුන්ට සමාව දීම ගැන අදහසක් නෑ. මේ අවස්ථාවේ දී වඩා මූලිකත්වය දියයුත්තේ යළි මෙවන් විපතක් සිදු නොවීමට ගත යුතු පියවර පිළිබඳවයි.”