රනිල් තමයි හරිම කෙනා… බැසිල් සහතික කර කියයි!

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ  තෝරා ගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ   අවධාරණය කරයි.

ඔහු  මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ මුලින්ම දේශපාලනය කරන්න, නිදහසේ අවශ්‍ය කටයුතු කරන්න මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙන බවත් ආර්ථික සහ අනෙකුත් ගැටලු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

පක්ෂය බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව අතර මතවාද තිබුණ ද කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් නොමැති බවද සුළු පිරිසක් විවිධ මතයන්හි සිටිය ද ප්‍රධාන වශයෙන් පක්ෂය රටේ ජනතාව සමඟ සිටින බවද කීවේය.


අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස්  බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන්නේය. ඒ අනුව ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වී සිටින බවද සදහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   පරමාදර්ශී නායකයෙක් බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ එම නායකයාගේ මඟ පෙන්වීම අනුව දේශපාලනය කරන බවද කියාසිටියේය.

දේශපාලන පක්ෂයක් වශයෙන් ඕනෑම මැතිවරණයකට සූදානම් බව ඔහු කීවේය.

මැතිවරණය යනු ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත බවද ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම වෙනුවෙන් පක්ෂයක් ලෙස  උත්සාහ ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

තමා රාජ්‍ය පාලනයේ නොමැති වුවද තමා දේශපාලනයේ නිරතවන බව සදහන් කළ හිටපු ඇමැතිවරයා එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තහනම් කර තිබෙන බවද තමාට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් නොමැති බවද කීවේය. ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද හෙතෙම කියාසිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්ෂ 69 ක ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ  එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව සදහන් කළ බැසිල් රාජපක්ෂ ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගතයුතුව තිබූ බවද ඒ අනුව ජනාධිපතිවරයා වශයෙව් ඉතාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගත් බවත් සදහන් කළේය.

Exit mobile version