රනිල්ගෙන් සජිත්ට ආරාධනයක්

මෙරට ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහාත් ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විසදීමටත් දරනු ලබන සාමූහික ප්‍රයත්නයට සහය වීම අත්වැල බැදගන්නා ලෙසට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.

ඒ අනුව අග්‍රාමත්‍යවරයා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (14) දින ලිපියක් යොමු කරමින් මෙම ආධාරණය කර ඇත.

තමන් අග්‍රාමත්‍යධුරය භාරගනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නව දේශපාලන මාවතකට යොමු කිරීමට සඳහා වන ජනතා අපේකෂාව මල්බල ගැනවීමට මූලික අඩිතාලම සැකසීමේ බලාපොරොත්තුවෙන් බවද වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.


එසේම පවතින තත්ත්වයෙන් රට මුදවාගැනීම සඳහා ඉතිරිව ඇති එකම විකල්පය වන්නේද මෙම නව දේශපාලන මාවත ඔස්සේ ගමන් කරමින් සියලුදෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවට ම්ටමකට ගෙන ඒම බවද ඔහු එහිද සඳහන් කර ඇත.

මේ අතර ගතවන දිනක් පාසා මෙරට අනාගතය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බැවින් තම ඉල්ලීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තුවන බවද අග්‍රමාත්‍යවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය

Exit mobile version