රන්ජන් නිදහස ලැබෙන කතාව බොරුවක්… රාජ්‍ය ඇමති ලොහාන් කියයි…

ranjan-ramanayake

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව තමන්ට කිසිම දැනුම් දීමක් කර නැති බවත් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

ප්‍රස්තුත විෂය සම්බන්ධව සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව ඇමතිවරයා කීවේය.

රන්ජන් රාමානයක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ලිඛිත ඉල්ලීමක් ජනපතිවරයාගෙන් කර තිබිණි.


සිරකරුවන්ගේ දිනය දා ඔහුට නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා විශ්වාසය පල කර තිබිනි.

ඒ ඔස්සේ රන්ජන් රාමනායක නිදහස් වනු ඇතැයි කතාවක් සමාජයේ පැතිර ගියේය. රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ එම කතාවට පදනමක් නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සී – නිවුස්

Exit mobile version