රත්ගම ද්විත්ව ඝාතනක් ගැන රත්ගම පොලිසිය බූරු මූණාගෙන් ප්‍රශ්න කරයි!

ලලිත් චාමින්ද –

රත්ගම, ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දි ඉකුත් වර්ෂයේ  (2022) සිදුවු  ද්විත්ව ඝාතනයක් සමබන්ධයෙන්  කළුමිණි රවිදු සංඛද සිල්වා හෙවත් බූරුමූණාගෙන් රත්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින්  ප්‍රශ්නකොට ඇත.

මෙම  ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් බුරුමුණා සහ තවත් අයෙකුට   චෝදනා එල්ලවි තිබුණි. එමෙන්ම බුරුමුනා විසින්  රත්ගම පොලිස් බල        ප්‍රදේශයේ දි ලී ඉරිමේ යන්ත්‍රයකින්  කපා සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකොට තිබුණි.

බූරුමුනා  පොලිස් අත්අඩංගුවට පත්විමත් සමග  රත්ගම පොලිසියේ පොලිස් පරික්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් බූරුමුන ගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ‘බූරු මූණා’ පවසා ඇත්තේ තමන්ට ඝාතන 9ක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවද ඉන් දෙකක් පමණක් තමන් විසින් සිදුකළ බවය.


ඔහු තමන් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන ලෙස පිළිගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේදී සිදුකළ ඝාතනයක් හා හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනයයි.

හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ලලිත් නමැති අපරාධ කල්ලි සාමාජිකයා විසින් ‘බූරු මූණා’ට විදේශගතවීම සඳහා රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වියදම් කර ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාදීමට ප්‍රතිඋපකාරයක් සිදුකිරීම සඳහා බවද ඔහු පවසා තිබේ.‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් ප්‍රශ්නකිරීම්වලදී බූරු මූණා අවස්ථා ගණනාවක දී හඬා වැටී ඇත. 

 

Exit mobile version