රට වහන්න නම් රාජ්‍ය සේවකයන් මැති ඇමතිවරුන් පඩියෙන් අඩක් රජයට දිය යුතුයි!

sisira-jayakody

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින 14ක් රට වසා දැමීමට තීරණයක් ගැනීමට නම් රජයේ සියලුම සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපින් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

රට වසා දැමීමක් කළ යුතු නම් අනිවාර්යයෙන්ම එවැනි යෝජනාවකට එකඟ විය යුතු බවත්, රට වසා දැමුවොත් මෙරට සිටින ලක්ෂ 80කට වැඩි එදිනෙදා ආදායමින් ජීවත්වන පවුල්වලට සහන සැපයීමට ඒ ලැබෙන මුදල භාවිත කළ හැකි බවත් රාජ්‍ය ඇමතිවරයා කියයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version