රට වසා දැමුණු සමයේ ජල-විදුලි බිල්පත් ගෙවන්න එපා – සජිත් ඉල්ලයි

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලට අයත් ජල හා විදුලි බිල් බිල්පත් නොගෙවන ලෙස සියලු ලක්වාසී ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමුණු මාර්තු හා අප්‍රේල් මාසවලට අයත් ජල හා විදුලි බිල්පත් ගෙවන ලෙස කිසියම් පාර්ශවයක් ඉල්ලා සිටිනවා නම් ඊට එරෙහිවව ග්‍රාමීය හා නාගරික මට්ටමින් ජනතාව ඒකරාශී වී උද්ඝෝෂණ හා විරෝධතා ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ඉහත මාසවලට අදාල ජල හා විදුලි බිල්පත් කපා හරින බවට රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙන බව පෙන්වාදෙන සජිත් ප්‍රේමදාස මහතා එවන් පසුබිමක විදුලි බිල් ගෙවන ලෙස ජනතාවට ඇතැම් පාර්ශවයන් ගෙන් ඉල්ලීම් හා බලකිරීම් කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ කිසි විටෙකත් යට නොවන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.


පසුගිය කාලය තුළ ජනතාවට සහන ලබාදීම සඳහා රජයට ඕනෑවටත් වඩා මූල්‍ය ආධාර ලැබෙන බවත් ඒ අනුව ජනතාවට සහන ලබාදෙන බව ප්‍රකාශ කළ බවත් හෙතෙම සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජල හා විදුලි බිල්පත් ගෙවන බව රජයේ නියෝජිතයෙකු වූ රජය ප්‍රකාශයක් සිදුකළා නම් එය එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා රජය ලබාදුන් එම පොරොන්දු එලෙසින්ම පිළිපදින ලෙස ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.

Exit mobile version