රට රැකියාවලට ගිය ප්‍රතිශතය 154.4%කින් වැඩි වෙලා

ආර්ථික අර්බුදය ද හේතුවක් - මහ බැංකු වාර්තාව කියයි

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාවේ විදෙස් රැකියා සදහා පිටත් වීම් සියයට 154.4ක වැඩිවීමක් පවතින පසුගියදා නිකුත් වූ මහ බැංකු වාර්ෂික වාර්තාව 2022 පෙන්වා දෙයි.

2021 වසරේදී 122,26ක් දෙනෙක් පමණ විදෙස් රකියා සදහා පිටත්ව ගොස් ඇති අතර 2022 වසරේ දී විදේශ රැකියා සඳහා 311,056 දෙනකු පිටත්ව ගොස් තිබේ.

2022 වසර තුළ දී රට අත්විඳි ආර්ථික අර්බුදය ද මෙසේ විශාල පිරිසක් රැකියා සඳහා විදේශගත වීම කෙරෙහි හේතු වූ බව මහ බැංකු වාර්තාව පවසයි.

විදේස රැකියා සදහා පිටත්ව ගිය පිරිසෙන් සියයට 60.1 පුරුෂයන් වූ අතර සියයට 39.9 ක් කාන්තාවන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී, ශ්‍රම කාණ්ඩය අනුව සැලකූ විට, වෘත්තීය, මධ්‍යම මට්ටම, ලිපිකරු හා ඒ අශ්‍රිත, පුහුණු, අර්ධ පුහුණු , නුපුහුණු හා ගෘහ සේවිකා ගෘහ යන කාණ්ඩ සියල්ලම යටතේ විදේශ රැකියා සඳහා පිටත් වීමේ ඉහළ යෑමක් වාර්තා වී තිබේ. 2022 වසරේ දී ද රැකියා සඳහා මැද පෙරදිග රටවල්වලට වැඩි වශයෙන් විදේශගත වීම් වාර්තා වූ අතර, එය රැකියා සඳහා සමස්ත විදේශගත වීම් වලින් සියයට 84.7කි. එයින් සියයට 91.3ක් කටාර්ද, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා කුවේට් යන රටවල් සඳහා වී තිබේ.

Exit mobile version