කොවිඩ් එන්නත් මාත්‍රාදෙකම ලබා ගත්තද විවිධ සංකූලතාවන් පවතින පුද්ගලයින්ට නැවත ඩෙල්ටා වයිරසය ආසාදනය වී වැඩි කාලයක් පැවතුණහොත් නව ප්රභේදයන් බිහිවිය හැකි යැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය නදීක ජනකගේ සඳහන් කරයි.
ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්රභේදයන් ඇති වන්නේද යන්න පිලිබඳ මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් මේ සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වන පුද්ගලයින්ගේ නියැදියන්ගෙන් ජාන පරික්ෂාවන් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවසීය.
මේ තත්වය තුළ සංකූලතාවන් පවතින පුද්ගලයින් කොවිඩ් එන්නත් මාත්‍රාදෙකම ලබා ගත්තද ඔවුන්ට තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතු බවට සෞඛ්‍ය අංශයන් හි අවධානය යොමු ව ඇතැයි ද මේ වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේය.