රට කෙළවරක් නැති ණයක… ලංකාව යළිත් ඉන්දියාවට ණය වෙන්න යයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මාධ්‍යයට පවසා තිබුණේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවය.

මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී චීන ණය මුදලක් ආධාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබුවේය.
නෙත් –

Exit mobile version