රටේ 85%ක් ණයවීම් සහ ඉතිරුම් වියදම්වලට යොමු වෙලා… 68%ක් බත් පත අඩු කරලා… 40%ක් සෞඛ්‍ය අධ්‍යාපන වියදම් කප්පාදු කරලා… මහබැංකුව හෙළිකරන ඛේදවාචකය!

Hunger

ලලිත් චාමින්ද –

2022 වර්ෂය අවසානය වනවිට  මෙරට   ජනගහනයෙන් සියයට 68ක්  පමණ ආහාර ගන්නා ප්‍රමාණය  අඩුකිරිම, ආහාර වේල් ගණන අඩුකිරිම, අඩු රුචිකත්වයක් දක්වන ආහාරමත යැපිම  වැනි විකල්ප  ආහාර උපායමාර්ග වෙත යොමුවි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ලෝක ආහාර වැඩසටහනේ  දුරස්ථ,ගෘහස්ථ, ආහාර සුරක්ෂිතතා, සමික්ෂණ දත්ත පදනම් කරගෙන මහ බැංකුව සඳහන් කරන්නේ  ජනගහණයෙන් සියයට 85ක් මුදල් ණයට ගැනිම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා වු වියදම් අඩුකිරිම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවිමට  ඇති ණය මුදල් කල්දැමිම   යොමුවි ඇති බවය.

ඛේදවාචකය වන්නේ රටේ 40ක් පමණ  අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා වු වියදම් කපාහැර ඇති  බව මහ බැංකු වාර්තාව විසින් අනාවරණය කිරීමය.

තවද  සේවා නියුක්තියෙන් වැඩිකොටසක්  අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින  බවද මෙම සමික්ෂණ වාර්තාව මගින් පෙන්වා දි ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජගහණයෙන් සියයට 14.3ක්  දරිද්‍රතා රේඛාවට පහලින්  ජිවත්වීම තුළ ආර්ථික අර්බුදයේ පීඩනය  වඩාත් උග්‍රවිය හැකි බවත් එය ජනතාවගෙන් විශාල පිරිසක්  දරිද්‍රතාවයට ඇද දැමිමට හේතුවිය හැකි බවත්  මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

Exit mobile version