රටේ සියලුම රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධයක හිඟයක්… සති දෙකකින් ප්‍රශ්නය විසඳන බව රජය කියයි!

පොටෑසියම් අයනය හීන රෝගීන්ට සහ දැඩි සත්කාර ඒකකවල රෝගීන් කළමනාකරණය කරගැනීමේ  ක්‍රියාවලියේ දී භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධයක් වූ පොටෑසියම් ක්ලෝරයිඩ් ඖෂධය  රජයේ හා පුද්ගලික අංශයේ සමස්ථ රෝහල් පද්ධතිය තුළ හිඟ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ පොටෑසියම් ක්ලොරයිඩ් ඖෂධය භාවිතා කරන්නේ  මූලික වශයෙන්   ශරීර  අභ්‍යන්තර අයන සමතුලිතතාවය ආරක්ෂා කරගැනීම සඳහා බවය. පෙති වශයෙන් හා එන්නත් වශයෙන් විශේෂිත තත්ත්ව යටතේ රෝගීන් සඳහා බහුලව භාවිතාවන මෙම ඖෂධය හිඟවීම ගැටලුකාරී තත්වයක් බව සෞඛ්‍ය අංශ හෙළි කරයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ  වෛද්‍ය සමන් රත්නායකගෙන් මේ පිළිබඳව කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ කොවිඩ් වසංගත තත්වය නිසා පොටෑසියම් කලෝරයිඩ් නිශ්පාදන සමාගම්වල නිශ්පාදන කටයුතු අඩාල වී ඇති බවය.


“ඒ නිසා සුළු හිඟයක් ඇති වෙන්න පුලුවන්.  මෙම ඖෂධය ගෙන්වා බෙදා හරින්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔවුන් සමග කළ සාකච්ඡාවේ දී අනාවරණය වන්නේ ඖෂධයේ යම් අඩුවක් තිබුණත් එය බරපතල හිඟයක් නොවන බවයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කෙසේ වෙතත්   ඉදිරි සති දෙක තුළ කෙසේ හෝ මේ සඳහා විසඳුමක් හොයනවා.“ ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version