සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මුළු ණය ඩොලර් බිලියන 100යි… භාණ්ඩාගර හිඟ ශේෂය ට්‍රිලියන 22යි… දිනපතා කෝටි 660 බැගින් ණයයි… ගොඩ ගත්තා කියන්නේ මේ රට ද?… හිටපු විගණකාධිපති අසයි!

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලර් බිලියන තුනක ණය මුදලක් සඳහා අයි.එම්.එෆ් වැඩසටහනට ගොස් රට ගොඩදැමූ බව පවසන්නේ ඩොලර් බිලියන 100 ඉක්මවා ගිය ණයක් සහිත, භාණ්ඩාගාරයේ ඍණ ශේෂය ට්‍රිලියන 22ක් සහිත, දිනපතා කෝටි 660ක් ණය වන රටක් බවත් අගාධයෙන් ගොඩගත් බව කියන රටේ සැබෑ තත්ත්වය මෙය බවත් හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ පැවසුවේය.

ගොඩ දැමූ රටක් පිළිබඳව වන බිහිසුණු බොරුව මේ පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි තමන්ට වටහා ගත නොහැකි බව පවසන හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට බංකොලොත් වන බවට විගණකාධිපතිවරයා විසින් රටේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ වර්ෂ 2017 දී බවය. ඒ පෙන්වා දුන් සාධනීය දත්ත සහිත ලේඛන එකක් පිළිබඳව හෝ එවකට පැවති යහපාලන ආණඩුව තඹ සතයකට මායිම් නොකළ බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (30) ජාතික ජන බලවේගයේ ගණකාධිකාරී සහ විගණක වෘත්තිකයින්ගේ සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී හිටපු විගණකාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

අපේ රාජකාරි ජීවිතය තුළ ලබාගත් බොහෝ අත්දැකීම් කතා කරන්න මෙතෙක් වේදිකාවක් තිබුණේ නැහැ. හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරී තිබුණු ආකාරය අපි කවුරුත් දන්නවා.

රට බංකොලොත්භාවයට හැරවූ ප්‍රධාන කඩඉම 2015 බැඳුම්කර වංචාවයි. එයින් ඒ මොහොතේ සිදුවූ බලපෑම සහ ඉදිරි අනාගතයේ තවත් බොහෝ කාලයකට බලපෑම් සිදුවෙනවා. නමුත් ඔවුන් අද වේදිකාවට ගොඩවී නැවතත් රට ගොඩනගන්න බලය ඉල්ලා සිටිනවා. රට බංකොලොත් කිරීමේ වැරදිකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුනුත් තවත් වේදිකාවක ඉඳලා රට ගොඩනඟන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදු 76ක කාලය පුරාම රට බංකොලොත් කරන්න දායක වූ පිරිස වේදිකා තුනකට බෙදිලා රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. තවත් කණ්ඩායමක් රට අයිඑම්එෆ් එකට බාරදීලා රට ගොඩනැගූ බව කියමින් බලය ඉල්ලනවා. මේක පුදුම සහගත විහිළුවක් බවට පත්වී තිබෙනවා.

විගණකාධිපතිවරයා විසින් 2017 ඉඳලා රට බංකොලොත් වෙනවාය කියන අනතුරු ඇඟවීම සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම 2015දී සිදු කළ බිලියන 6.5ක බැඳුම්කර වංචාවත් එක්ක මේ රට ගමන් කරන මාර්ගය වැරදියි කියන දේ අපි පැහැදිලිව පෙන්වා දුන්නා. රටේ මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පාර්ලිමේන්තුව දැනුවත් කළා. නමුත් ඒ කිසිදු වාර්තාවක් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමුකර වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ.

විශේෂයෙන්ම 2016දී මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් ගිණුම් වැරදි නිසා විගණකාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළා. එහි සඳහන් වත්කම් සහ ණය ප්‍රමාණය සම්බන්ධ දත්ත වැරදි බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නමුත් පාර්ලිමේන්තුව ඒ කිසිම දෙයක් ගණන් නොගෙන රට බංකොලොත් වෙන්න ඉඩ හැරියා.

2016 මුදල් අමාත්‍යාංශයේ ගිණුම් විගණකාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ලැබුණු විනාඩි 20ක කාලය තුළ කතා කළේ අනුර කුමාර සහෝදරයා විතරයි. වෙන කිසිකෙනෙක් ඒ ගැන කතා නොකර මුදල් අමාත්‍යාංශයේ ගිණුම් පාර්ලිමේන්තුවේදී සම්මත කර දුන්නා. 2022 දී රට බංකොලොත් වුණේ ඒවාගේ ප්‍රතිඵල හැටියට.

2017 දී ණය කළමනාකරණය පිළිබඳව විශේෂ වාර්තාවක් අපි සකස් කළා. පසුගිය අවුරුදු 50ක ණය ගැනීම් පිළිබඳව විශ්ලේෂණය කර, මේ ණය ගැනීම් සහ ඒ ආශ්‍රිත දුෂණ වංචා වහාම නතර කරන ලෙස දැනුම් දුන්නා. නමුත් ඒ කිසි දෙයක් පසුගිය කාලයේ රට පාලනය කළ පුද්ගලයන් ගණන් ගත්තේ නැහැ. ඒ වැරදි දිගින් දිගටම සිදුකර ගෙන ගියා. උදාහරණයක් හැටියට ඩී.ඒ. රාජපක්ෂගේ සොහොන් කොත් ඉදිකිරීමට මූල්‍ය අවභාවිතා කළ ආකාරය දක්වන්න පුළුවන්. විගණන වාර්තාවෙන් ඒ බව හෙළි කිරීම නිසා වැය කළ මුදලින් කොටසක් නැවත ගෙවා තිබුණා. විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා විගණන වාර්තා පදනම් කරගෙන තීන්දුවක් දුන්නා. නමුත් ඒ නියෝග ඒ ආකාරයෙන් ඉටු නොකර, අද වේදිකාවල සිටිමින් රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. ඔවුන් ඉදිරියේදී එවැනි ක්‍රියා නොකර සිටීවී යැයි මම නම් විශ්වාස කරන්නේ නැහැ.

ඒ වගේම සතොසෙන් හාල් ගෙන්වීමෙ අලාභය 2016 – 2017 කාලයේ රුපියල් බිලියන 16ක් බවත් ඒ මුදල වහාම අදාළ අයගෙන් අයකර ගන්න ක්‍රියා කරන ලෙසත් නිර්දේශ කළා. නමුත් එය සම්පූර්ණයෙන්ම යට ගසා දැම්මා. දේශපාලකයන් විසින් රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවයේ ගෞරවයත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ වගේ තත්වයක් යටතේ මෙතෙක් ආණ්ඩු කළ දේශපාලන පක්ෂවලට බලය දෙන්න ඉඩ හැරිය නොහැකියි. අපි මේ මාධ්‍ය හමුවට පැමිණියේ ඒ නිසයි.

විශ්වාසය තැබිය හැකි තැනකට රට බාර දෙන්න ඕනෑ. අයිඑම්එෆ් එකට රට සම්පූර්ණයෙන්ම බාරදීලා කිසි දවසක ගොඩගන්න ලැබෙන්නේ නැහැ. එවැනි මාර්ගයක ගිය රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපේ රටත් දහසය වැනි වරට අයිඑම්එෆ් එකට ගිහින් ඩොලර් බිලියන 03කට ආසන්න ණයක් අරගෙන ගොඩගන්න ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පළවැනි කාර්තුවට අදාළ ණය බුලටින් එකෙන් ඒ බව තහවුරු වෙනවා. මේ වන විට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් තිබෙනවා. රට අගාධයෙන් ගොඩගත් බව ප්‍රකාශ කළද, ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදුවී නැති බව එයින් පැහැදිලියි. භාණ්ඩාගාරයේ ඍණ ශේෂය රුපියල ට්‍රිලියන 22ක් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එවැනි රටක් ගොඩගෙන ඇති බව කියන්නේ කොහොමද?

මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව දවසක රජයේ ආදායම රුපියල් කෝටි 850යි. නමුත් දවසක මුළු වියදම රුපියල් කෝටි 1490යි. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 660ක ණය ගන්නා ආර්ථිකයක් අද පවතින්නේ. එහෙම තිබියෙදී රාජ්‍ය සේවකයන්ගේ පඩි දෙගුණයකින් වැඩිකරන බව ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකළ යුතු බව එයින් කියැවෙන්නේ නැහැ. රුපියල් කෝටි 1490ක් වන දවසක රජයේ වියදම අවම කර ගනිමින් වංචා දූෂණ නැවැත්වීම මෙතෙක් බලයේ සිටි කිසිම පක්ෂයකට කරන්න බැහැ. එය කළ හැක්කේ රටේ වංචාව, දූෂණය සහ නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බලවේගයකට පමණයි. දේශපාලකයන් සිදුකරන දූෂණය සම්පූර්ණයෙන්ම නතර කර, මේ රට වෙනස්ම යුගයකට පරිවර්තනය කළ යුතුයි. දුප්පත්කම නඩත්තු කරමින් යන දේශපාලන පක්ෂ කිසි එකකට මේ රට මෙතනින් ගොඩගන්න බැහැ. විකල්ප වැඩපිළිවෙළක් තිබෙන මාලිමාව යටතේ මේ වෙනස කළ හැකි බවට විශ්වාසයක් අපට ගොඩනැගී තිබෙනවා. රාජ්‍ය අංශය ගෞරවාන්විත රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න, දේශපාලන බලපෑම්වලින් තොර, රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න තමන්ගේ ආත්මගරුත්වය ඇතිව කෙලින් සිටගත හැකි රටක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් තමන්ගේ තැපැල් ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම ඉතා ඕනෑකමින් කරනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ කෝටි 24ක හොරොයින් තොගයක් අතුරු දහන් වීම සම්බන්ධව ගබඩා භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග!

Next Post

අනුරට දීලා අපට ඇරලා යන්න කටුනායක පැත්තේ එන්න එපා යැයි විදෙස්ගත ලාංකිකයන්ට කී රාජිතට එරෙහිව මාලිමාවෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.