රටේ කොවිඩ් නීතියට වඩා ලොකුගේ ලොකු ද? ග්‍රාම නිලධාරීවරු අසති…

කොවිඩ් නීති උල්ලංඝනය කරන පොදු ජනතාවට ක්‍රියාත්මවන නීතිය එම නීති අමු අමුවේ උල්ලංඝණය කරන කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේට ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාදැයි වෘත්තීය සමිති නායකයෙක් ලෙස තමන් රටේ පාලන අධිකාරියෙන් විමසන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද නුවර දී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ය.

කොවිඩ් නීති සිය අතට ගෙන සෞඛ්‍ය අංශ  විසින් වසා දැමූ ප්‍රදේශයක් සිය අභිමතය පරිදි ඇර දැමුවා පමණක් නොව, නිරෝධායනයවීම නිසා නිවස තුළ සිටිය යුතු ඇමතිවරයා ජනතාව අතර සැරිසරමින් සිටින්නේ කුමණ නීතියක් පදනම් කරගෙන දැයි  මෙහිදී සභාපතිවරයා විමසුවේය.


එමෙන්ම කොවිඩ් එන්නත ලබා දීමේ දී සෞඛ්‍ය අංශ සේම ඉදිරිපෙළ රාජකාරි කරන ග්‍රාම නිලධාරීන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය සිදුනොවූ බවත්,  මේ වනවිට ග්‍රාම නිලධාරීවරයක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත් බවත්, විසි තිස් ගණනක් කොවිඩ් ආසිදිතයන් වී සිය ගණනක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ අපි කොවිඩ් මර්ධන වැඩසටහනේ  ඉදිරිපෙළ රාජකාරි කරන රාජ්‍ය සේවකයො. අපට දෙන්න බැරි කොඩිඩ් එන්නත කොහොමද කුරුණෑගල නගරාධිපතිවරයා ලබා ගන්නේ. මොකක්ද ඒ එන්නත් කරණ ප්‍රතිපත්තිය. දේශපාලකයන් මෙහෙම මේ ක්‍රමවේදය ව්‍යාකූල කරන්නෙ කොහොම ද?“

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් හා මරණවල නිසි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් නොකිරීම රජය කටයුතු කිරීම සම්බන්ධව ද එම සාකච්ඡාවේදී අප්‍රසාදය පල විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version