බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ උන් දවසකට කෝටි 121 අරක්කු සිගරැට් බොනවා… හරියට සුරාබද්ද ගහලා රට ගොඩදාන්නැයි ADIC රජයෙන් ඉල්ලයි!

by editor
පෙබරවාරි 15, 2025
in පුවත්
Arrack
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකිකයන් දිනකට කෝටි 121 මද්‍යසාර සහ සිගරට් සඳහා වියදම් කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම ආයතනය පවසන්නේ විද්‍යාත්මක බදු සංශෝධනයක් හරහා රජයට විශාල ආදායමක් මෙන්ම සමාජ ආර්ථික ව්‍යසනයක් වී ඇති දුම්වැටි සහ මධ්‍යසාර හානිය අවම කරගත හැකි බවය. නව රජයේ මංගල අයවැයෙන් මේ සඳහා සාධනීය ප්‍රවේශයක් ලබා ගනු ඇතැයි විශ්වාස කරන බව ඇඩික් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ රජයේ සමස්ත බදු ආදායම 55% කින් වැඩි වී ඇත. නමුත් 2022 වසරට සාපේක්ෂව 2023 කාලය තුළ මද්‍යසාර සහ සිගරට් වලින් ලබා ගත් බදු ආදායම් ප්‍රතිශතය පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වේ.

එම කාලය තුළ සුරාබදු 20% කින් වැඩි වුවද සමස්ත බදු ආදායමෙන් 2022 වර්ෂයේ 15% වු සුරාබදු ආදායම 2023 වර්ෂය අවසන් වන විට 10% දක්වා පහත වැටී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සුරාබදු වැඩි වූ ප්‍රතිශතයට සාපේක්ෂව ආදායම මත සහ භාණ්ඩ හා සේවා මගින් ලබා ගත්තා වූ බදු ප්‍රතිශතය ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධානව බලපා ඇති කරුණකි. එම කාලය තුළ සුරාබදු වැඩි කළ ප්‍රතිශතය තවදුරටත් ඉහළ දැමුවේ නම් ජනතාව මත පැටවූ අධික බර යම්තාක් දුරකට සැහැල්ලු කිරීමට සහ රජයේ ආදායම වැඩි කරගැනීමට රජයට අනගි අවස්ථාවක් තිබුණු නමුත් එම අවස්ථාව අහිමි කිරීමක් පසු ගිය බදු ඉහළ දැමීම් තුළින් සිදුවී ඇත.

මද්‍යසාර හා සිගරට් බදු ආදායම් වලින් ලැබෙන බදු මුදල මද්‍යසාර සහ සිගරට් නිසා සිදු වන හානි පූරණය කර ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බව UNDP ආයතනය සිදුකල අධ්‍යනය වල පෙන්වා දි ඇත.

2022 වසරේ UNDP ආයතනය සිදුකල අධ්‍යනයකට අනුව මද්‍යසාර නිසා සිදු වූ ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 237 ක් වන අතර එම වසරේ මද්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 165.2 වේ.

UNDP ආයතනය 2019 සිදු කළ අධ්‍යනයකට අනුව දුම්කොළ නිසා සිදු වූ ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 214 ක් වන අතර එම වසරේ සිගරට් බදු ආදායම රුපියල් බිලියන 92.9 විය.

මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් විද්‍යාත්මක ක්‍රමයක් හරහා බදු වැඩි කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන නිර්දේශ කර ඇත. නිවැරදි පදනමකින් බදු වැඩි කිරීම හරහා මද්‍යසාර සහ දුම්වැටි වලින් සිදු වන හානි අඩු කර ගැනීමටත්, රජයේ සුරා බදු ආදායම් වැඩි කර ගැනීමටත් යන කාරණා දෙකම සිදු කරගැනීමට හැකියාව ඇත.

පසුගිය වසර වල මද්‍යසාර සහ සිගරට් සඳහා බදු වැඩි කිරීම් කළද එයින් වැඩි වාසි අත් කරගැනීමට දුම්කොළ සහ මද්‍යසාර සමාගම් සමත් වි ඇති බව පෙනෙන්නට තිබේ. 2025 ජනවාරි මාසයේ සිදුකල බදු වැඩි කිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාභය රුපියල් බිලියන 7කට අධික ය. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විද්‍යාත්මක පදනමක් මත සුරා බදු වැඩි නොවීමයි.

ශ්‍රී ලංකිකයන් දිනකට කෝටි 121 මද්‍යසාර සහ සිගරට් සඳහා වියදම් කරන අතර පහළ ආදායම් ලාභී පවුල් මේ සඳහා වැඩි දායකත්වයක් දක්වා ඇත. දුම්වැටි සහ මද්‍යසාර බදු වැඩි කිරීම හරහා දැනට භාවිතා කරන පුද්ගලයන්ගේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අඩු වනවා මෙන්ම අලුතෙන් පුරුදු වීමට ඉඩ ඇති පිරිස අවම කර ගැනීමට මෙය වැදගත් වේ.

බදු වැඩි වීම හරහා සිගරට් සහ මද්‍යසාර වල මිල ඉහළ යාම නිසා මුලින්ම භාවිතය අඩු වන්නේ පහළ ආදායම් ලබන පුද්ගලයන්ගේ බව අධ්‍යන හරහා ඔප්පු වි ඇත.

මද්‍යසාර සහ සිගරට් බදු මිල වැඩි කිරීමේදී නීති විරෝධි මද්‍යසාර සහ දුම්වැටි භාවිතයට පුද්ගලයන් යොමු වන බව පැවසීම දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්ත වල උපක්‍රමයකි. නීති විරෝධි මද්‍යසාර සහ දුම්වැටි මිල සෑම විටම නීත්‍යනුකූල මිලට වඩා පහළ අගයක පවත්වාගෙන යයි. නීත්‍යනුකූල හෝ නොවන ලෙස මද්‍යසාර සහ දුම්වැටි වල හානිය අඩු වැඩි වශයෙන් වර්ග කිරීමක් සිදුකළ හැකි නොවන අතර සියලුම මද්‍යසාර සහ දුම්වැටි භාවිතය සෞඛ්‍යට හිතකර නොවේ.

එය භාවිතා කරන්නාගේ මෙන්ම පවුලේ අයගේද සතුට සහ නිදහස නැති කරන ප්‍රධාන සාධයක් වි ඇත. අප රටේ සිදු වෙන මරණ වලින් 83% සිදු වන්නෙ බෝ නොවන රෝග වලින් වන අතර, බෝ නොවන රෝග වලට බලපාන ප්‍රධාන සාධක හතරෙන් 2 ක්ම මද්‍යසාර සහ දුම්වැටි භාවිතය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අනුව ජනතාවගේ සුභ සිද්ධිය සඳහා මෙන්ම රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා ද ගත හැකි යහපත්ම තීරණයක් වන්නේ මද්‍යසාර සහ දුම්වැටි සඳහා ක්‍රමවත් ලෙස බදු වැඩි කිරීමක් සිදු කිරීමයි. මද්‍යසාර සහ දුම්කොළ සමාගම් වලට වාසි සහගත නොවන බදු වැඩි කිරීමක් නව රජයේ මංගල අයවැයෙන් බලාපොරොත්තු වේ. එමගින් ලබා ගන්නා අමතර බදු ආදායම අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු පහළ දැමීමට සහ ආදයම් මත පනවන බදු අඩු කර ගැනීමට හැකියාව ඇති අතර එමගින් රටේ පොදු ජනතාවට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමට අවස්ථාවක් ඇත.

තවද සිගරට් සහ මද්‍යසාර බදු වැඩිවීම රජය අපහසුතාවයට පත් නොවන සහ ජනතාව කැමැත්තක් දක්වන කරුණක් බව RESET මත විමසුම අනුව 85% ප්‍රමාණයක් මද්‍යසාර බදු වැඩි කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මෙවර අය වැය තුළින් සිගරට් සහ මද්‍යසාර සඳහා විද්‍යාත්මක පදනමක් මත බදු වැඩි කිරීමක් මගින් රටට සහ ජනතාවට වාසි දායක බදු වැඩිවීමක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය බලාපොරොත්තු වන අතර ඒ සඳහා නව රජයේ මංගල අයවැයෙන් කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්තු අප්‍රේල්වල දැඩි උෂ්ණත්වය ඉහළ යෑමක් ගැන පුරෝකථනයක්…

Next Post

ඩබල් ගේම් රාජ්‍ය සේවකයින්ට ලාල් කාන්ත අවසන් නිවේදනය නිකුත් කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.