පවතින බලශක්ති අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් හෙට (22) කැඳවා තිබේ.
අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ රටෙන් අඩකට විදුලිය කප්පාදු කරන වේලාව පැය තුනකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී ඇති පසුබිමකය.
තාප විදුලි බලාගාර කිහිපයකම ඉන්ධන නොමැතිවීමත් වික්ටෝරියා ඇතුළු ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය අවම වීමත් මත මෙම පියවර ගෙන ඇත.
පස්වරු 4.30 සිට රාත්රී 10.30 දක්වා A,B හා C ඛාණ්ඩවලට පැය දෙකක විදුලි කප්පාදුවක් ද සෙසු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට ද මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබේ.