රටින් පිට සිටින අය ගෙන්වන්න චීනයෙන් අනීතික ක්‍රියා

රටින් පළාගොස් විදේශගතව ජීවත් වන පුද්ගලයන් යළි සිය රට ගෙන්වා ගැනීම සදහා චීනය විසින් විවිධ අනීතික ක්‍රියා සිදු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, අන්තර් ජාතික ප්‍රඥප්ති අවභාවිතා කිරීම , චීනය තුළ සිටින පවුල්වල සාමාජිකයන්ට විවිධ බාධා එල්ල කිරීම වැනි ක්‍රියා මෙහිදී සිදුවන බවයි.

එම සංවිධානයට අනුව 2020 වසරේ දී පුද්ගලයන් 1421 දෙනෙකුත් 2021 වසරේ දී පුද්ගලයන් 1114 දෙනෙකුත් වශයෙන් පුද්ගලයන් 2535 දෙනෙකු පසුගිය වසර දෙක තුළ මෙළෙස රැගෙනවිත් තිබේ.
.
රටින් පළාගොස් සිටින සිවිල් ක්‍රියාකාරිකයන් මෙහි ප්‍රධානතම ඉලක්කය වී ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2014 වර්ෂයේ සිට මේ දක්වා දියත් කරන ලද එවැනි වැඩපිළිවෙළ තුලින් පුද්ගලයන් 10,000 ක් පමණ යළි චීනයට රැගෙනවිත් ඇති බව ද සදහන් වේ.

Exit mobile version