පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36 000ක් සහිත නෞකාවක් අද( 18) රාත්‍රී 8 ට මෙරටට පැමිණෙන බව රජය ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය නිවේදනය කරයි.
ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් පවසන්නේෙ ඩීසල් මෙටික් ටොන් 40000ක් රැගත් තවත් නෞකාවක් හෙට ලංකාවට පැමණෙන බවත් ඊයේ දිනයේ ද ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් සහිත නැවක් රටට පැමිණි බවත්ය.
ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවෙන් ඊයේ රැගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබෑම ඊයේ (17) ආරම්භ වූ අතර දින දෙකකින් ගොඩබෑම අවසන් කරන බව ඛනිජ තෙල් ගබඩා පර්යන්තය මාධ්‍යයට නිවේදනය කර තිබිණි.
මේ ආකාරයෙන් මසකට ඉන්ධන නෞකා 08ක් රටට පැමිණෙනු ඇති බව සභාපතිවරයා කියයි.
රට තුළ කිසිම ඉන්ධන හිඟයක් නොමැති නමුත් මෙම ඉන්ධන තොග සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ඇත්තේ ණය පදනම මත බව වාර්තා වේ.