රටටම ෆයිසර් ගැසූ ඊශ්‍රායල‍යට වුණු දේ… ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

Israeli medical staff cheer an Israeli airforce acrobatic team flying over Ichilov hospital in Tel Aviv on Israel's 72nd Inependence Day. This year, the airforce will fly over all the hospitals in Israel as a way of honouring the medical staff during the Coronavirus outbreak. April 29, 2020. Photo by Miriam Alster/Flash90 *** Local Caption *** יום העצמאות מטס תל אביב איכילוב קורונה מטוסים תל אביב דגלים דגל ישראל

ලොව වැඩිම එන්නත් ලබාගත් ජනගහණයක් සිටින රටක් වන ඊශ්‍රායලය මේ සතියේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

එහි දෙවන රැල්ලේ උච්චතම අගයටත් වඩා නව කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් පසුගිය බදාදා දිනයේදී වාර්තා වී ඇත.

ඒ එරට මුළු ජනගහනය වන මිලියන 9.053 න් මිලියන නවයක්ටත් වඩා එන්නත්කරණය කර තිබියදීය.


ෆයිසර් එන්නත මත මුළුමනින්ම යැපෙන ඊස්‍රායලයේ දෛනික රෝගීන් සංඛ්‍යාව 9300 කි.

වරෙක එන්නත් වාර්තා බිඳ දැමූ ඊශ්‍රායලය, දැන් බිහිසුණු නව වාර්තාවක් ද බිඳ දමා ඇත. ඒ දින හතක සාමාන්‍යය මිලියනයකට වැඩි අගයක් වාර්තා වූ රට ලෙසයි.

බෝවන රෝග විශේෂඥයින් පවසා ඇත්තේ එන්නත්වල සාර්‍ථකභාවය කාලයත් සමඟම අඩු වන බව ඊශ්‍රායලය විසින් ඔප්පු කළ බවයි.

මෙය ලොව සෙසු රටවලට ඉතා පැහැදිලි අනතුරු ඇඟවීමේ ලකුණක් යැයි ඊශ්‍රායලයේ ප්‍රධාන සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ක්ලැලිට් සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය රාන් බැලිසර් පසුගිය මාසයේ විද්‍යා සඟරාවට පැවසීය.

‘මෙතැනදී එය සිදුවූවා නම් එය, සෑම තැනකම සිදුවිය හැකියි.’

කෙසේ වෙතත්, රටේ දේශපාලනඥයින් තරයේ කියා සිටින්නේ නව අගුලු දැමීමක් සිදු නොකරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගීන් එන්න එන්නම ඉහළ ගියත්, එන්නත් කළ ඊශ්‍රායල ජාතිකයින් අතර බරපතල ආසාදිතයන් සහ මරණය අඩු මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.

Exit mobile version