රජය ගාල්ලේ වී මිලදී ගැනීම අරඹයි… තෙත වී කිලෝව රු 42යි…

ලලිත් චාමින්ද –

වී අලෙවි මණ්ඩලය මගින්   මෙවර යල කන්නය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනිම  ගාල්ල වළහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශයෙන් අද (31) ආරම්භ කරනු ලැබිය.

මෙහිදි වළහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත්  යක්ගහ හා පින්නදුව යන  ග්‍රාම නිලධාරි වසම්වල ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිම  සිදුවිය. තෙත වී කිලෝවක් රුපියල් 42ක මුදලකට හා වියලි වී කිලෝවක් රුපියල් 51.50ට මුදලකට  ගොවින්ගෙන් මිල දි ගන්නා බව වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් සහකාර කොමසාරිස්  ඉන්දික ද සිල්වා  කීවේය.   යක්කලමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ගබඩාව වෙත වියලි වී  ගෙනවිත් ගොවින්ට  ලබාදිය හැකි බවද ඔහු සදහන් කළේය.

ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වී අලෙවි මණ්ඩලය මගින්  ගොවින්ගේ  වී මිලදි ගැනිම සිදුකෙරේ. වී අලෙවි මණ්ඩලයේ වී වෙළුම් නියෝජිතයින් හරහා  වී  මිලදී ගැනිම සිදුකරන අතර වළහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රදේශිය නිලධාරි එස්.ඒ.එම් ශ්‍යාමලි ගේ උපදෙස් හා මගපෙන්විම මත යක්ගහ  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි  එම්. පි නිර්මලා හා  පින්නදුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනි එම්.කේ.එම් මිතිලා ලලන්ති  ගේ මැදිහත් විමෙන් ගොවින්ගෙන්  තෙත වි කිලෝ 30095ක් මෙදින මිලදි ගනු ලැබිය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  කේ.එස් ඩබ්ලිව් ප්‍රියන්ජන් හා සහකාර කොමසාරිස් හේමපාල වර්ෂවිතාන ගේ   අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

 

Exit mobile version