රජයේ වෛද්‍යවරු ලබන 15 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් නිවේදනය කරයි!

doctor-strike

ශ්‍රියානි විජේසිංහ –                                                  

දිවයින පුරා සියලුම රෝහල්වල ලබන 15වෙනිදා සිට  අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ  කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණයගත් බව සංගමයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සඳහන් කරයි.

රජයේ ජනපීඩක බදු සංශෝධනයන්ට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිගින් දිගටම කරන  ලද ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව වූ බව වෛද්‍ය විජේසිංහ   පැවසුවේය.

13වෙනි සදුදා බස්නාහිර, නැගෙනහිර, දකුණ හා මධ්‍ය පළාත්වල සියලුම රෝහල් ද 14වන දින වයඹ, උතුරු මැද, උතුර සහ  ඌව සහ සබරගමු  පළාත්වල රෝහල්ද මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව හෙතෙම පැවසුවේය.


මේ අනුව දිවයිනේ සියලුම රෝහල් ලබන 15 වෙනිදා සිට  අඛන්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක වන නමුත් හදිසි ප්‍රතිකාරයන් සිදුකරන බව සංගමය දන්වා සිටියි.

වැඩ වර්ජනය අතරතුර සෑහීමකට පත්විය හැකි විසදුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලිඛිතව ලබා දෙන්නේ නම් ඒ පිලිබඳව අවධානය යොමු කල හැකි බවද වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙම වැඩවර්ජනය මාතෘ රෝහල් , පිළිකා රෝහල්, ළමා රෝහල්, හා වකුගඩු රෝහල්වල ක්‍රියාත්මක නොකිරීමටද තීරණය කර ඇත.

Exit mobile version