රජයේ මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වසා දමයි..

අංශ ප්‍රධානියෙක් හා සේවකයන් සිවු දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද (28) උදෑසන විට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා කල්පනී ලියනගේ පැවසුවාය.

ආසාදිත දේවකයන් සිවු දෙනාගේ ලඟම ආශ්‍රිතයන් වූ සේවකයන් 29 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කළ බව ඇය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව රජයේ මුද්‍රණාල පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජ හරණය කළ බව ද ඇය කීවාය.


Exit mobile version