ශ්‍රියානි විජේසිංහ –
රජය ගෙන යන අසාධාරණ බදු සංශෝධනයන් , වෘත්තීය සමිති මර්දනය , ත්රස්ථවිරෝධි පනත ඇතුළු රට විනාශ කරන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව නැගීසිටීය හැකි පුළුල් සංවිධානයක් අනිද්දා (03) ආරම්භ වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මෙම නව සංවිධානයට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ඇතුල් තවත් බොහෝ පිරිසක් එකතුවීමට නියමිත බවත් මේ වන විට බහුතරයක් දෙනා මෙයට සහභාගිව වන බවට දැනුම් දී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
පොදුවේ සියලුම දෙනාට බලපානු ලබන ගැටලුවලට විසදුම් ලබා ගන්නාතෙක් නව සංවිධානය ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට දැනටමත් එඟවී ඇතැයි ද හෙතෙම පැවසුවේය.
මෙම නව සංවිධානය වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේදී ලබන 3වන දින ආරම්භ වනු ඇත.